උතුම් ශ්‍රී පාද වන්දනා වාරය ඇරඹේ

දෙදහස් විසි දෙක දෙදහස් විසි තුන වසර සඳහා වන උතුම් ශ්‍රී පාද වන්දනා වාරය අදින් ආරම්භ වුණා.

පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ සිට රත්නපුර අවිස්සාවේල්ල හැටන් මාර්ගය ඔස්සේත් බලංගොඩ, බගවන්තලාව මාර්ගය ඔස්සේත් රත්නපුර, පලාබද්දල සහ රජ මාවත ඔස්සේ වැඩම කරවූ සදාතුක කරඬුව සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ, ශ්‍රී පාද උඩ මළුව වෙත වඩම්මවනු ලැබුවා.

අනතුරුව චාරිත් රානුකූලව ශ්‍රී පාද පද්මය අද උදෑසන යෙදුණු සුභ නැකතට අනුව සුවඳ පැණින් දෝවනය කිරීමේ අනතුරුවයි ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ වුණේ.

ශ්‍රීපාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම පූජනීය ස්ථානය පරිසරය රැක ගන්නා ලෙසයි.

Previous articleLPL තරග දෙකක් අද
Next articleපළාත් කිහිපයකට මී.මී 100 ඉක්මවූ වැසි