ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක්

Share

රට තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය යළිත් සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

පසුගිය සතිය තුළ ඩෙංගු රෝගීන් 1,602 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර එම සංඛ්‍යාව 390කි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ද රෝගීන් 272 දෙනෙකු හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

ඩෙංගු රෝග ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 41ක් අධි අවදානම් කලාප ලෙස නම් කර ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.

Read more

Local News