යුක්‍රේන රුසියා යුධ ගැටුමට අදට දින 290 යි.
යුක්‍රේනයේ බොහෝ ප්‍රදේශ තවමත් පවතින්නේ දැඩි අඳුරේයි.
මේ නිසාම යුක්‍රේනයේ මිලියන 1.5 ක ජනතාවක් පීඩාවට පත් වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර යුක්‍රේනයේ ඔඩේසා නගරයට රුසියාව ඊයේ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
එම ප්‍රහාරය ඉරානයේ නිෂ්පාදිත ඩ්‍රෝන මගින් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර තුර්කි ජනාධිපති හා පුටින් අතර දුරකථන සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එහිදී කළු මුහුද හරහා අපනයනය කරන ධාන්‍ය පිළිබඳවද සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ.
එසේම යුද්ධයේ ආරම්භයේ සිට රුසියානු හමුදා සිදුකල ලිංගික අපරාද පිලිබඳව විමර්ශනය කිරීමට එක්සත් ජාතීන්ගේ විමර්ශන ආයතනයක් පියවර ගෙන තිබෙනවා.



