මෙරට සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය රුපියල් මිලියන 81 ක් වටිනා ජලභීතිකා රෝගය සඳහා වන එන්නත් තොගයක් ජර්මානු රජය විසින් (12) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ප්‍රදානය කෙරිණි.
සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල වෙත එම ඖෂධ ආධාර තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ජර්මානු රජයේ ආර්ථික සහයෝගිතා සහ සංවර්ධන අමාත්‍යාංශය (BMZ) යටතේ වන GIZ Sri Lanka වැඩසටහනේ අධ්‍යක්ෂ නිකලස් ලමාඩේ (Nicolas Lamade) විසින් නිල වශයෙන් භාර දෙනු ලැබීය.



