කොල්ලුපිටිය ප්‍රදේශයේදී මෝටර් රථයක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදුවු අනතුරින් පසු රටින් පළාගොස් සිටි මෝටර් රථයේ රියදුරු ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව ඔහු නැවත ලංකාවට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
පසුගිය 10 වනදා අලුයම කොල්ලුපිටිය ප්‍රදේශයේ දී මෝටර් රථයක්, ඉදිරියෙන් ධාවනය වු ත්‍රීරෝද රථයක ගැටීමෙන් අනතුරක් සිදුවු අතර අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු මියගොස් තිබුණා.
අදාළ රථය පැදවූ රියදුරු එම ස්ථානයෙන් පළාගොස් තිබූ අතර පසුව ඔහු ඩුබායි වෙත ගොස් තිබූ බවට සඳහන් වුණා.
අද නැවත ඔහු ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.



