නව වසරේ පාර්ලිමේන්තුව ජනවාරි 5 රැස්වෙයි

Share

අද (13) පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීමෙන් පසු නව වසරේ පාර්ලිමේන්තුව යළි ජනවාරි 5 වැනිදා රැස්වීමට (12) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක පැවසීය.

මේ අනුව 2023 ජනවාරි 05, බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.

අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පත සහ බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදය ද පැවැත්වීමට ද තීරණ වූ බව මහලේකම්වරයා පැවසීය.

ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා රජය ගෙනෙන යෝජනාවකට අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතව ඇත.

Read more

Local News