මධ්‍යම පළාතේ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පත සම්මතයි

පළාත් සභා මැතිවරණය එකම දිනකදි පැවැත්විම වෙනුවෙන් ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (20) මධ්‍යම පළාත් සභාවේදී සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත වූහ.

ඒ අනුව පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ගෙන් 40 දෙනෙක් පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර, විරුද්ධව ලැබුනේ ඡන්ද 09 ක් පමණි. සභාපතිවරයාද ඇතුළුව මධ්‍යම පළාත් සභාවේ සමස්ත මන්ත්‍රී සංඛ්‍යාව 58 කි. එයින් හය දෙනෙක් ඊයේ සභාවට නොපැමිණි අතර, මන්ත්‍රීවරු දෙදෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියහ.