වතුකරයට ඉංග්‍රීසි මාධ්‍ය දිවා සුරකුම් මධ්‍යස්ථාන

වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ක්‍රියාත්මක දිවා සුරකුම් මධ්‍යස්ථාන ආරම්භ කිරීමට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

වතු කම්කරු ජනතාව ලංකාවට පැමිණ වසර දෙසීයක් සම්පුර්ණවිම නිමිත්තෙන් පැවැත්වෙන වැඩසටහන් මාලාව අනුව මෙසේ ඉංග්‍රීසි මාධ්‍ය දිවා සුරකුම් මධ්‍යස්ථාන ආරම්භ කිරීමට නියමිතව ඇත.

විදේශගත ශ්‍රමිකයින්ගේ දරුවන් සදහා ඉංග්‍රීසි මාධ්‍ය දිවා සුරකුම් මධ්‍යස්ථාන දීප ව්‍යාප්තව ආරම්භ කිරීම සදහා වන විශේෂ ව්‍යාපෘතියක නියමු ව්‍යාපෘති ජනවාරි මාසය වන විට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත අතර එය වතුකරයේ ජනතාව වෙනුවෙන් ද පුළුල් කිරීමට සැලසුම් කර ඇත.

Previous articleදුම්රිය කාලසටහන සංශෝධනය කිරීමට අවදානය
Next articleසතියක් තුළ ඩෙංගු රෝගීන් 2,142ක්