ජපන් රැකියා සඳහා ලංකාවේ තරුණ තරුණියන්ට වැඩි ඉඩක්

Share

ජපානයේ රැකියා සඳහා ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රමිකයින්ට වැඩි අවස්ථාවක් ලබාදීමට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකෝෂි හිදේකී (Mizukoshi hideaki ) එකඟ වී තිබෙනවා.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ සමඟ ඊයේ (10) ක්‍රීඩා අමාත්‍යංශයේ දී දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් පැවැති සාකච්ඡාවක දී තානාපතිවරයා මෙසේ පැවසීය.

ශ්‍රී ලංකාව තුළ පුහුණු ශ්‍රමිකයින් බිහි කිරීම සඳහා ජපන් රජයේ මැදිහත්වීමෙන් පුහුණු ආයතනයක් ඇති කිරීමටත් ඒ සඳහා ජාතික තරුණ සේවා සභාවේ තරුණ තරුණියන්ට අවස්ථාව ලබා දීමටත් කැමැත්ත පළ කර තිබේ.

ජපානය තුළ ඇති රැකියා අවස්ථාවන් පිළිබඳව සහ එම රැකියා සඳහා යොමු වීමේදී සපුරාගත යුතු දැනුම කුසලතාවය සහ භාෂා හැකියාවන් පිළිබඳව මෙම පුහුණු මධ්‍යස්ථානයේ දී අවබෝධය ලබාදීමට අපේක්ෂා කෙරේ.

Read more

Local News