විභාගයට ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් යළි කැඳවයි

Share

2022 වර්ෂයට අදාළව මෙවර පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය සඳහා ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් යළි කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ 12 දිනයේ සිට අයදුම් කිරීමට අවස්ථාව සළසා ඇති අතර, එය (15) දා අවසන් වන බව , විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

කෙසේ වෙතත් මීට පෙර අවස්ථා දෙකකදී මේ සඳහා අයදුම් පත් කැඳවා තිබුණද ඇගයීම් පරීක්ෂකවරුන් තම අයදුම් පත් යොමු කිරීම ප්‍රතික්‍ෂේප කර තිබුණේ ඔවුන්ට ලැබිය යුතු පිළිතුරු පත්‍ර ඇගයීමේ ගාස්තු නිසි පරිදි ලබා නොදීමට විරෝධය පළ කරමිනි.

Read more

Local News