පෑලියගොඩ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබයි

පෑලියගොඩ, කළුපාලම ප්‍රදේශයේදී අද (17) උදෑසන සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා.

උදෑසන 6.30ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ 32 හැවිරිදි පුද්ගලයෙක් බවයි සඳහන් වන්නේ.

ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

Previous articleපාර්ලිමේන්තුව අද රැස්වෙයි
Next articleජාත්‍යන්තර වෙළඳ කාර්යාලයක් පිහිටුවීමට පියවර