උසස් පෙළ උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වෙයි

Share

2022 අපොස උසස් පෙළ විභාගයේ උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු මෙහෙයවීම අද (17) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වෙයි.

උසස් පෙළ විභාගය ජනවාරි මස 23 වන දින ආරම්භ වීමට නියමිත බවත් උසස් පෙළ විභාගය අවසන් වන තෙක් මෙම තහනම ක්‍රියාත්මක වන බවයි සඳහන් වන්නේ.

2022 උසස් පෙළ විභාගය ජනවාරි 23 වනදා සිට පෙබරවාරි 17 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read more

Local News