QR ක්‍රමවේදයට පරිබාහිරව කටයුතු කළ ඉන්ධනහල් කීපයක් අත්හිටුවයි

ඉන්ධන ඇනවුම් කිරීම සහ බෙදා හැරීම පිළිබඳව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛණිජ තෙල් ගබඩා පර්යන්තයේ නිලධාරීන් සමග ප්‍රගති සමාලෝචන හමුවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ සහභාගීත්වයෙන් ඊයේ (16) පැවැත්විණි .

එහිදී ඉන්ධන බෙදා හැරීමේදී ජාතික ඉන්ධන අවසරපත් ක්‍රමය අනුගමනය නොකරන ඉන්ධන පිරවුම්හල් ගණනාවක් සේවය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.