පළාත් පාලන මැතිවරණයේ ඇප මුදල් භාර ගැනීම අදින් අවසන්

පළාත් පාලන මැතිවරණයේ ඇප මුදල් භාර ගැනීම අද (20) දහවල් 12.00 න් අවසන්වීමට නියමිතව තිබෙනවා.

මේ වන විටත් දේශපාලන පක්ෂ රැසක් සහ ස්වාධීන කණ්ඩායම් විසින් ඇප මුදල් තැන්පත් කර ඇති බවයි සඳහන් වන්නේ.