උසස් පෙළ විභාග කාලයේ විශේෂ ප්‍රවාහන සැලැස්මක්

Share

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ දුම්රිය කාල සටහනට අනුව ක්‍රියාත්මක කෙරෙන දුම්රියන් සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බවත් මීට අමතරව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 12ක් සහ මුහුුුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන් වාර 4ක් වැඩිපුර යොදවා තිබෙන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ගමනාගමන අධිකාරී එන් .ජේ.ඉඳිපොළගේ පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (22) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

සේවක හිඟය හේතුවෙන් පසුගිය කාලසීමායේ අවලංගු කරන ලද දුම්රිය වාර,උදෑසන 7ත් සවස 5ත් අතර කාලය තුළ නැවත ධාවනයට එක් කර ඇති බවද ඒ මහතා කියා සිටී.

මෙම කාලය තුළ දුම්රිය ප්‍රමාදයන් සිදුවන්නේ නම් ඒ අවස්ථාවේ ධාවනය කෙරෙන ශීඝ්‍රගාමී දුම්රියන් මන්දගාමීව ධාවනය කර සිසුන්ට ප්‍රමාදයකින් තොරව විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට පහසුකම් සළසා ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Read more

Local News