එංගලන්තයේ ජනප්‍රියම ළමා නමේ වෙනසක්

Share

එංගලන්තය සහ වේල්සය තුළ දැරියන්ට තබන නම් අතරින් ජනප්‍රියම නම වූ ‘ඇමේලියා’ පරදා ‘ඔලීවියා’ ඉදිරියට පැමිණ තිබෙන බව හෙළි වී තිබේ.

ඒ අතර පිරිමි දරුවන්ගේ ජනප්‍රියම නම් දහය අතර තිබුණු ‘විලියම්’ (William) යටපත් වී ‘මොහමඩ්’ (Muhammad) ඉදිරියට පැමිණ තිබේ.

2008 දී 2010 දීත් ‘ඔලීවියා’ දැරියන්ට තබන ජනප්‍රියම නම බවට පත්ව තිබුණු බවත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. මෙම සංඛ්‍යාලේඛන, දෙමාපියන් සිය අලුත් උපන් දරුවන්ගේ උප්පැන්න සහතික සඳහා ලබා දුන් නම් මත පදනම් වන බවත් දෙපාර්තමේන්තුව පවසයි.

මීට සිව් වසරකට ඉහතදී ජෝර්ජ් කුමරු උපත ලැබීමෙන් අනතුරුව ‘ජෝර්ජ්’නම ද ජනප්‍රිය ළමා නම් අතරට යළිත් එක් වී තිබේ.

 

Read more

Local News