උතුරු ජපානයට තද සුළං සහිත කුණාටු තත්වයක්

උතුරු ජපානයට මේ වන විට හිම පතනය වෙමින් පවතින බව වාර්තා වනවා.

එසේම හොකයිඩෝ ප්‍රදේශයේ තද සුළං සහිත කුණාටු තත්වයක්ද හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එසේම හිම කුණාටු සහ හිම පතනය හේතුවෙන් ගමනාගමනයට බාධා ඇතිවිය හැකි අතර සුළි කුණාටු සහ දැඩි මුහුදු රළ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසයි එරට කාලගුණ නිලධාරීන් අනතුරු අඟවා ඇත්තේ.

Previous articleපොළොන්නරුවේ අධික සුළං හේතුවෙන් නිවාස රැසකට හානි
Next articleඑලෝන් මස්ක් සිය ට්විටර් ගිණුම පුද්ගලික කරයි