මිනුවන්ගොඩ ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසනවා.
ඊයේ (16) රාත්‍රියේ මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේදී ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී සැඟව සිටි පුද්ගලයෙකු විසින් ඔහුට වෙඩිතබා පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 30 හැවිරිදි වියේ පසුවූ පදිංචිකරුවෙක්.