ඩෙංගු අවදානම් දිස්ත්‍රික්ක ලෙස කොළඹ, කළුතර, ගම්පහ, පුත්තලම ඇතුළු දිස්ත්‍රික්ක 13ක් හඳුනාගෙන තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
පසුගිය සතියේ පමණක් ඩෙංගු ආසාදිතයන් 1,672ක් වාර්තා වූ බවත්, මේ වසරේ ආරම්භයේ සිට මේ දක්වා ආසාදිතයන් 11,709 ක් වාර්තා වී ඇති බවත්, ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා.
කිසියම් පුද්ගලයකුට පැය 24ක් උණ පවතින්නේ නම් ඩෙංගු බවට සැක කර, සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.