විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පූර්ණ අනුග්‍රහය මත ඊශ්‍රායල් රාජ්‍යයේ සාත්තු සේවා රැකියා ලබා දෙන බව පවසමින්, රාජ්‍ය ලාංඡනය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලාංඡනය යොදා සකස් කරන ලද ව්‍යාජ අයදුම්පත්‍ර තරුණයින්ට ලබාදෙමින්, තරුණ පිරිස් මුලාවට පත්කල පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන් විසින් බත්තරමුල්ල, දියත උයන පරිශ්‍රයේදී 2023.02.22 දින අත්අඩංගුවට ගන්නා ලදී.
මෙසේ ඊශ්‍රායලයේ රැකියා ලබාදීම සඳහා පුද්ගලයෙකු විසින් රුපියල් ලක්ෂ 4 බැගින් මුදල් ලබාගැනීම සිදුකරන බවට, රැකියා අපේක්ෂකයෙකුගෙන් කාර්යාංශයට ලද පැමිණිල්ලකට අනුව, විමර්ශන නිළධාරීන් පැමිණිලිකරු සමග ගොස් මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද්දේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. ඔහුගෙන් කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි තවත් අයෙකු මෙම ජාවාරම සඳහා ඔහුට සහාය වී ඇති බවයි. ඒ අනුව විමර්ශන නිළධාරීන් විසින් අනෙක් පුද්ගලයාද දියත උයන පරිශ්‍රයට ගෙන්වා ගෙන අත්අඩංගුවට ගෙන ඇත. ඔහුගෙන් සිදුකර ඇති ප්‍රශ්න කිරීම් වලදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ අයදුම්පත්‍ර අන්තර්ජාලයෙන් බාගත කර ව්‍යාජ අයුරින් රාජ්‍ය ලාංඡනය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලාංඡනය යොදා සකස් කර මෙම ජාවාරම සිදුකරනු ලබන බවයි. මෙලෙස වංචනික අයුරින් සකස් කරන ලද රැකියා අයදුම්පත්‍ර 5ක්ද එම ස්ථානයේ තිබී විමර්ශන නිළධාරීන් භාරයට ගෙන ඇත.
ඒ අනුව පුද්ගලයින් දෙදෙනාම අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් කඩුවෙල ගරු මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමටත්, වැඩිදුර නඩු විභාගය ජූනි මස 05 වන දින කැඳවීමටත් අධිකරණය විසින් නියම කර ඇත.