වී මිල දී ගැනීම දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් සිදු කිරීම සඳහා වෙන් කරන රුපියල් බිලියන 10ක මුදල අවශ්‍යතාවය පරිදි රුපියල් බිලියන 20ක් දක්වා ඉහළනැංවීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ජාතික ගොවි සමුළුවේ නියෝජිතයින් සමග අමාත්‍යවරයා (22) පැවති සාකච්ඡාවේදී මේ බව දැනුම් දී ඇත.
මෙවර මහ කන්නයේ දී වී මිල දී ගැනීම වී අලෙවි මණ්ඩලය සිදු නොකරන අතර වී මිල දී ගැනීමේ යාන්ත්‍රණය දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීයලේකම්වරුන් මගින් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.