ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට උපරිම දඩුවම් ලබාදීමට පියවර

Share

දැනට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සතුව පවතින මත් ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 3000 ක් දහනය කර විනාශ කිරීමට නව නීත්‍යානුකූල විධිමත් ක්‍රමවේදයක් සකස් කරන බවත් විදේශිය රටවල්වල සිටිමින් මෙරටට මත් ද්‍රව්‍ය සපයනු ලබන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට උපරිම දඩුවම් ලබාදීමට පියවර ගන්නා බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසනවා.

මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීම වැඩි කිරීම අරමුණු කර ගනිමින් පුනරුත්ථාපන කාර්යාංශ පනත සංශෝධනය කිරීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

යුක්තිය පසිදලීමේ කාර්යභාරය වඩාත් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස ඉටු කිරීම සදහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඉටු කර ඇති හා ඉටු කරනු ලබන කාර්යභාරය පිළිබදව දැනුවත් කිරීම වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට පසුගියදා (23) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

Read more

Local News