මැතිවරණය ඉල්ල ජාතික ජන බලවේගය කොළඹදී පැවැත්වූ උද්ඝෝෂණය අතරතුරදී තුවාල ලැබූ පුද්ගලයින් අතරින් පිරිසක් තවමත් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
පුද්ගලයින් දෙදෙනෙකු අසාධ්‍ය තත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
මෙම උද්ඝෝෂණයේදී තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව විසි අටක්.
ජාතික ජන බලවේගය සංවිධානය කර තිබූ මෙම විරෝධතාවයට අධිකරණ නියෝග දෙකක්ද නිකුත් කර තිබුණා.
විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ඉබ්බන්වල මංසන්ධියේදී.