හිමාලය කඳුවැටිය ආශ්‍රිත ප්‍රදේශයේ භූ කම්පනයක් ඇති විය හැකි බව පසුගිය දිනක අනාවරණය වුණා.
එම අනාවරණය සිදු කලේ ඉන්දීය භූ විද්‍යාඥයින් කණ්ඩායමක්.
මෙම උපකල්පනය හමුවේ ශ්‍රී ලංකාවට ඇති බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතයි.
භූ විද්‍යා කාර්යාංශය, ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු අංශ රැසක විශේෂඥයින් මිට සහභාගී වීමට නියමිතව තිබෙනවා.