විශේෂ පක්ෂනායක රැස්වීමක් අද (01) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අද පස්වරු 1.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී එම පක්ෂනායක රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.
එම පක්ෂනායක රැස්වීම සඳහා සහභාගී වන ලෙස සියලු පක්ෂ ලේකම්වරුන්ට දැනුම්දී ඇති බවද සඳහන්ය.