මෙරට පුරන් කුඹුරු අක්කර 12,500ක් ඉදිරි මහ කන්නයේ දී යළි අස්වැද්දීමට රුපියල් මිලියන 430ක් වෙන් කර ති
මේ වනවිට නැවත වගා කළ හැකි , අවුරුදු 05කට ආසන්න කාලයක් වගා නොකර අත්හැර දමා ඇති පුරන් කුඹුරු ප්‍රමාණය අක්කර 47,000කි.
තවත් අක්කර 50,000ක් පමණ පුරන් කුඹුරු තත්ත්වයට පත්ව ඇතත් ඒවා නැවත වගාව සඳහා යොදා ගැනීමට නොහැකි වේ.
කෘෂිකර්ම අමාත්‍යාංශය යළි වගා කළ හැකි පුරන් කුඹුරු නැවත අස්වැද්දීම සඳහා වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ උපදෙස් පරිදි මෙරට පුරන් කුඹුරු යළි වගා කිරීමට යොදා ගැනීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව 2023 වසර සඳහා රුපියල් මිලියන 430ක් වෙන් කර තිබේ.
මෙම මුදල යොදා ගනිමින් 2023 වසරේ මහ කන්නයේ දී පුරන් කුඹුරු අක්කර 12,500ක් යළි වගා කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.