රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තිකයින් අද දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.
වෘත්තීය සමිති නියෝජිතයින් ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡා ද අසාර්ථක වී ඇති පසුබිමකයි මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වී ඇත්තේ.
වෘත්තීය සමිති හතළිහකට අධික සංඛ්‍යාවක් මෙම විරෝධතාවයට සහය පළකර තිබෙනවා.
අද දින ක්‍රියාත්මක වර්ජන සහ විරෝධතා හේතුවෙන්. වරාය, ඉන්ධන, විදුලිය, බැංකු, ජල සම්පාදන, රෝහල් ඇතුළු අත්‍යාවශ්‍ය කටයුතු වලට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.