සිය ආදායම් නොපෙන්වා බදු ගෙවීම් පැහැර හැර ඇති ඇතැම් වෘත්තීන් වල නිරත පිරිස් හඳුනා ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයාට දැනුම් දී තිබෙනවා.
රාජ්‍ය ආදායම පිළිබඳ දැඩි අවධානයක් යොමුව ඇති වර්තමානයේ දී බදු පැනවීම මගින් ආදායම් රැස් කිරීම හා සමානව බදු පැහැර හරින පිරිස් හඳුනා ගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතු බවයි අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර ඇත්තේ.