ඩයනා නිසා නීතිඥයින් උණුසුම්

Share

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ විදේශ ගමන් බලපත්‍ර සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී දෙපාර්ශවයේ නීතීඥවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණා.

ඉන් අනතුරුව නඩුව පසුවට කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කළා.

මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී ඩයනා ගමගේගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු සහ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක ඇතුළු නීතිඥවරුන් අතර ඇති වූ වචන හුවමාරුවෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා මෙම තීරණයට එළඹුණේ.

මේ අතර රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ පුරවැසිභාවය හා විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන වලට අදාළව මේ දක්වා සටහන් කරගෙන තිබෙන සියලු ප්‍රකාශවල පිටපත් මේ මස විසිතුන් වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

මෙම නඩු කටයුතු සඳහා නීතිපතිවරයාගේ සහාය ලබා ගැනීමටත් තමන් තීරණය කළ බව සඳහන් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඒ බව දන්වමින් නීතිපතිවරයා වෙත ලිපියක් කරන බවද කියා සිටියා.

Read more

Local News