අදත් වැසි වාර කිහිපයක්

Share

ඌව පළාතේත් අම්පාර, මඩකළපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද දිනයට අදාළ කාලගුණ නිවේදනය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව පවසයි.

මේ අතර සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

එසේම දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන සවල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

Read more

Local News