ඉන්දු – ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ,ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය අද සහ හෙට දිනයන්හිදී (මාර්තු මස 03 සහ 04 දෙදින ) පැවැත් වේ.
යාපනය පදවියේ රදගුරු, ජස්ටින් ඥානප්‍රකාසම් පියතුමාගේ මෙහෙයවීමෙන් දේව මෙහෙය පැවැත් වේ. උත්සවය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෙන් ස්ථාපනය කරනු ලබයි.