වින්දිතයාට සහ සාක්ෂිකරුවාට නිසි පරිදි ආරක්ෂාව සලසා දීමට නොහැකි වීමෙන් සමස්ත සමාජයටම අගතියක් සිදුවන බවත් 2015 අංක 04 දරණ අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත මගින් අපරාධයක් සදහා සෘජුව හා වක්‍රව සම්බන්ධ වන සාක්ෂිකරුවන්ට හා වින්දිතයින්ට සහාය දීමේ යාන්ත්‍රණයක් සකස් කර ඇති බවත්, අපරාධ සිදු වන ආකාරය සම්බන්ධව සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ජාතික වැඩපිළිවෙලක් සකස් කර අපරාධ වින්දිතයන් පිළිබදව වාර්ෂික වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් අපරාධයක, වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සදහා වු ජාතික අධිකාරියේ සභාපති ජනාධිපති නීතීඥ සුහද ගමලත් පවසයි.