අලුත්වැඩියා කටයුතු හේතුවෙන් දැදුරු ඔය පාලමේ පාර වැසේ

Share

කටුගස්තොට – කුරුණෑගල – පුත්තලම (A 010) මාර්ගයේ පිහිටි අංක 75/1 දැදුරු ඔය පාලමේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ලබන 25 වන දින පෙරවරු 6.00 සිට 2017.11.30 වන දින පස්වරු 6.00 දක්වා දැදුරු ඔය පාළම ගමනාගමන කටයුතු සඳහා සම්පූර්ණයෙන්ම වසා තබනු ලැබේ.

ඉහත සඳහන් කාලය තුළ යතුරුපැදි ත‍්‍රීරෝද රථ ඇතුළු සියලු සැහැල්ලූ වාහන සඳහා පාදෙනිය – අනුරාධපුර මාර්ගයේ බලල්ල හරහා නිකවැරටිය ඇලවක හන්දිය (ඩිපෝ හන්දිය) මාර්ගය භාවිත කළ හැකිය.

එසේම  බර වාහන සඳහා පාදෙනිය – අනුරාධපුර මාර්ගයේ දළඳාගම හරහා නිකවැරටිය මාර්ගය ද  භාවිතා  කරන ලෙස කුරුණෑගල මාර්ග සංවර්ධන අධිකාරියේ වයඹ පළාත් භාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් දන්වා සිටි.

Read more

Local News