කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (04) පස්වරු 02 සිට පැය 24ක කාලයක් ජලසැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
කොළඹ 01, 02, 03, 04, 07, 08, 09, 10, 11, කඩුවෙල නගරය සහ අවට, කොලොන්නාව නගර සභා බල ප්‍රදේශය, වැල්ලම්පිටිය සහ කොටිකාවත්ත යන ප්‍රදේශවලට අද පස්වරු 02 සිට ඉරිදා පස්වරු 02 දක්වා ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය දන්වා ඇත.
අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකිරීමට නියමිතය.