අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා විදේශ විනිමය හිඟයක් දැන් රටේ නැහැ – මහ බැංකු අධිපති

Share

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා විදේශ විනිමය හිඟයක් මේ වනවිට රට තුළ නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. තෙල්, ගෑස්, ගල්අඟුරු, අත්‍යවශ්‍ය ඖෂධ ආදිය සඳහා අවශ්‍ය විදේශ විනිමය දැන් මහ බැංකුවෙන් සැපයීමක් සිදු නොකරන බවයි සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

ඒ අනුව එම අවශ්‍ය විදේශ විනිමය සපයා ගැනීම සිදු කරන්නේ, බැංකු ක්‍රමය තුළින් බවත් එහි සංචිත, ඩොලර් මිලියන 600 ක් දක්වා වර්ධනය වී ඇති බවයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වඩිදුරටත් සඳහන් කළේ.

Read more

Local News