විදේශ ඇමති ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

Share

ඔබ්සර්වර් පර්යේෂණ පදනම ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යංශය සමඟ එක්ව, 2023 මාර්තු 02-04 යන දිනවල සංවිධානය කරන ලද රයිසිනා සංවාදය-2023 හෙවත් භූ දේශපාලනය සහ භූ-ආර්ථිකය පිළිබඳ ඉන්දියාවේ ප්‍රමුඛතම සම්මන්ත්‍රණයට සහභාගී වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්රි නවදිල්ලියේ නිල සංචාරයක නිරත විය.

මෙම සංවාදයේ සමාරම්භක සැසිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලනි විසින් ආරම්භ කරන ලදී.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මෙම සංවාදයට සමගාමීව, එනම් මාර්තු 04 වැනි දින, නවදිල්ලියේ පිහිටි හයිද්‍රාබාද් මන්දිරයේ දී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වී ය.

විදේශ කටයුතු අමාත්‍ය සබ්රි මෙහිදී ශ්‍රී ලංකාවේ වත්මන් ප්‍රගතිය මෙන්ම රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ තත්ත්වය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳව ශ්‍රී ලංකාව පවත්වන සාකච්ඡා සම්බන්ධයෙන් අමාත්‍ය ජයශංකර් දැනුම්වත් කර ඇත.

Read more

Local News