රාජ්ය මුදල් කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස පත්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී මයන්ත දිසානායක එම ධුරයෙන් ඉල්ලා අස්වීම ලිඛිතව කථානායකවරයා වෙත දැනුම් දී තිබෙනවා.
අද (07) පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වීමෙන් අනතුරුව කථානායකවරයා මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.