පොහොට්ටුවේ මැති ඇමතිවරු හිටපු ජනපති මහින්ද හමුවෙයි

Share

මැතිවරණය සහ පක්ෂයේ ඉදිරි ගමන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ හමුවී තිබෙනවා.

එහිදී එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් සම්බන්ධයෙන්ද පොදුජන පෙරමුණු නියෝජිතයින් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

වත්මන් සභාපතිවරයා එම තනතුරෙන් ඉවත් කළ බවට පොදුජන පෙරමුණ පැවසුවද තමන් තවමත් සභාපති තනතුරේ රැඳී සිටින බවයි මහාචාර්ය ජී. එල්. පීරිස් පසුගියදා පැවසුවේ.

Read more

Local News