මාර්තු 12 සිට 18 දක්වා ජාතික ග්ලෝකෝමා සතියක්

Share

මාර්තු මස 12 දිනට යෙදී ඇති ලෝක ග්ලෝකෝමා දිනයට සමගාමීව “ලෝකය දීප්තිමත්ය, ඔබේ පෙනීම සුරකින්න” යන්න තේමා කර ගනිමින් අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, විෂන් 2020 ව්‍යාපෘතිය සහ ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශය සමග ඒ්කාබද්ධව මාධ්‍ය සම්මන්ත්‍රණයක් (07) කොළඹ ජාතික අක්ෂි රෝහලේ දී පැවැත්විණි.

ග්ලෝකෝමා රෝගී තත්ත්වය නිසා ඇතිවන අන්ධභාවයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමට දැනුවත්භාවය ලබාදීම අරමුණු කරගනිමින් මෙම සම්මන්ත්‍රණය පැවැත්විණි.

ලෝක ග්ලෝකෝමා දිනයට සමගාමීව මාර්තු මස 12-18 දින දක්වා ජාතික ග්ලෝකෝමා සතියක් ද ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙම සතිය තුල මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්, වෛද්‍ය ශිෂ්‍යයින් සහ වෛද්‍යවරුන් සදහා පුහුණු වැඩසටහන්, සායන හා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් දීප ව්‍යාප්තව සිදුකිරිමට නියමිතය.

Read more

Local News