විදේශ රැකියා ලබා දෙන බවට පවසා මුදල් වංචාකළ 24ක් අත්අඩංගුවට

Share

විදේශ රැකියා ලබා දෙන බවට පවසමින් මුදල් ලබා ගැනීම ඇතුළු නීති විරෝධි කටයුතුවල නිරතවීමේ චෝදනාව මත විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශය පසුගිය ජනවාරි සහ පෙබරවාරී මාස 2ක තුළ පමණක් පුද්ගලයින් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කල බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

විදේශ රැකියා ක්ෂේත්‍රය තුළ සිදු වන නීති විරෝධි ක්‍රියා මැඩපැවැත්වීම සඳහා වැරදි කරන පුද්ගලයින්ට තරාතිරම නොබලා තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විදේශ සේවා නියුක්ති කාර්යංශයට උපදෙස් ලබා දී ඇත.

විදේශ සේවා විශේෂ විමර්ශන අංශයට ලැබුණු පැමිණිළි පදනම්කර ගෙන 2023 ජනවාරි මාසය තුළ පමණක් පුද්ගලයින් 13 දෙනෙක් ද, පෙබරවාරී මාසයේදී පුද්ගලයින් 11 දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.

Read more

Local News