ලෝක වකුගඩු දිනය අදයි

Share

වකුගඩු දෙක ඇස් දෙක වගේ රැකගත යුතුයි.

අද වන විට ලංකාවේ ජනගහනයෙන් සියයට 10ක් වකුගඩු රෝගීන් බව සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ ප්‍රධාන අනුශාසක විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව පවසනවා.

අද ලෝක වකුගඩු දිනයයි.

ලෝකය පුරා අද දින ඒ වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක වේ.

මීට වසර 10කට පමණ පෙර මෙහි ආරම්භය සිදුවී තිබුණත් මෙම දිනය ලොව පුරාම කථාබහට ලක්වන සංසිද්ධියක් බවට පත්වන්නේ මෑත කාලයක සිටයි.

වර්තමානය වන විට ශ්‍රීලංකාව මුහුණ දී ඇති ප්‍රධානත ම අභියෝගයන්ගෙන් එකක් ලෙස මෙම වකුගඩු රෝගය හඳුනාගත හැකිය. විශේෂයෙන් රසායනික පොහොර භාවිතයෙන් ගොවිතැන් කෙරෙන උතුරුමැද පළාතේ මෙන්ම මේ වන විට බස්නාහිර පළාතෙන් වකුගඩු රෝගීන් සැලකිය යුතු ප්‍රමාණයක් හඳුනාගෙන ඇත.

Read more

Local News