සර්වජන ඡන්ද බලය සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ දෙදින විවාදය අද සහ හෙට පැවැත්වෙනවා.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්රසාද කඩවීම සම්බන්ධයෙන් අද අවධානය යොමු වුණා.
මේ පිළිබඳව සොයා බැලීමට පත් කළ විශේෂ කාරක සභාවේ නිර්දේශ ක්රියාත්මක කිරීමට අදාළ වාර්තාව නීතිපතිවරයා වෙත යැවීමට සභානායකවරයා යෝජනා කළා.
කෙසේ වෙතත් ඊට විපක්ෂය සති දෙකක කාලයක් ඉල්ලා සිටියා.