ගංගානිගෙන් සිරිවර්ධනට සහ වික්‍රමරත්නට ලිපි

Share

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා මුදල් ලබාදෙන ලෙස ඉල්ලමින් රජයේ මුද්‍රණාලාධිපතිනිය භාණ්ඩාගාර ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන වෙත ලිපිය යොමු කළ බවයි රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ සියත අප කල විමසීමකදී ප්‍රකාශ කළේ.

පළාත් පාලන ඡන්දයේ මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය මුදල රුපියල් මිලියන පන්සීයක්.

මේ වන විට ඉන් ලැබී ඇත්තේ රුපියල් මිලියන තිහක් පමණයි. මූලික ගෙවීමක් ලෙස මුද්‍රණාලය ඉල්ලා ඇත්තේ රුපියල් මිලියන දෙසීයක්.

මේ වන විට මුද්‍රණය කර අවසන් කර ඇති පත්‍රිකා සඳහා රුපියල් මිලියන එකසිය පනහක් රජය විසින් ගෙවිය යුතු බවයි මුද්‍රණාලාධිපතිනිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර මුද්‍රණ කටයුතු සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් රජයේ මුද්‍රණාලාධිපතිනිය පොලිස්පතිවරයා වෙතද ලිපියක් යොමු තිබෙනවා.

Read more

Local News