වකුගඩු රෝගයේ මුලික ලක්ෂණ

Share

ලංකාවේ ජනගහනයෙන් සියයට දහයක් වකුගඩු රෝගීන් බව වාර්තා වී තිබෙනවා. මෙය අතිශය භයානක තත්වයක්. විශේෂයෙන්ම මේ වන විට වැඩිම වකුගඩු රෝගීන් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනුයි.

ඊට හේතුව දියවැඩියා රෝගය බවයි විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩාව පවසන්නේ.

එසේ ම අධික රුධිර පීඩනයද මීට තවත් එක් හේතුවක්.

ඉන්පසු වැඩිම වකුගඩු රෝගීන් වාර්තා වන්නේ උතුරුමැද, වයඹ, ඌව යන පළාත් වලින්.

වකුගඩු රෝගය ආශ්‍රිත මූලික රෝග ලක්ෂණ වනුයේ,

අධික මහන්සිය
නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීම
මුත්‍රා පෙන ස්වභාවයක් ගැනීම
ශරීරය ඉදිමීම
මුත්‍රාවලට රුධිරය මුසුවීම
ආහාර රුචිය පහවී යාම
වමනය
සමේ ආසාදන, පලු සහ කැසීම් ඇතිවීම
නින්ද නොයාම ආදියයි.

ඔබ දියවැඩියාව, අධික රුධිර පීඩනයෙන් පෙළෙන අයෙකු නම් නිරන්තරයෙන්ම වකුගඩු පරික්ෂා කරගත යුතුයි.

Read more

Local News