සීගිරිය මධ්‍ය මහා විද්‍යාලයට වන අලි ප්‍රහාරයක්

Share

අලි මිනිස් ගැටුම දිගු කාලයක් සිට අපේ රටේ ප්‍රධානතම අර්බුදයක් බව අප දන්නවා.

මේ නිසා අහිමි වුණු ජීවිත සංඛ්‍යාව අති විශාලයි. මොනතරම් ජීවිත අහිමි වුණත් මේ ගැටළුවට විසඳුමක් ලබාදීමට අදටත් බලධාරීන්ට හැකියාවක් නැහැ.

සීගිරිය මාධ්‍ය මහා විද්‍යාලයට පසුගියදා වන අලි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් පාසල් ගොඩනැගිල්ලකට බරපතල හානි සිදුවී ඇති බවයි විදුහල්පතිවරයා සඳහන් කළේ.

පළමු ශ්‍රේණියේ පන්ති කාමරයේ බිත්ති හා ඩෙස් බංකුවලට හානි සිදු කර තිබූ බව දෙමව්පියන් පවසනවා.

වසර පහකට අධික කාලයක සිට පාසලට සිදුවන හානි පිළිබඳව බලධාරීන්ව ලිඛිතව හා වාචිකව දැනුවත් කළා තවමත් නිසි පිළිතුරක් ලැබී නැති බවයි විදුහල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර වන අලි තර්ජන නිසා දැඩි පීඩාවකට පත්ව සිටින අනුරාධපුර දිස්ත් රික්කයේ ගොවීන් පිළිබඳවද අපට වාර්තා වුණා. කිසිඳු වගාවක් කරගත නොහැකි තරමටම ජනතාව පත්ව ඇත්තේ දැඩි පීඩාවකටයි.

ඒ හුරුළු වැව හා හබරණ යන රක්ෂිතවල සිට අලින් ගම් වැදීම නිසයි. රාත්‍රී කාලයේ හුරුළුවැව රක්ෂිතයේ සිටින වන ස්ථිර වගාවන් හා වී ඇතුළු බෝග වගා රැසක් විනාශ කර තිබෙනවා.

විදුලි වැටක අවශ්‍යතාවය පිළිබඳව අවස්ථා ගණනාවකදී බලධාරීන් ලිඛිතව හා වාචිකව දැනුවත් කළත් තවමත් නිසි පිළිතුරක් ලැබී නැහැ.

Read more

Local News