අවලංගු රැකියා නියෝජිත බලපත්‍රයක් මගින් කාන්තාවක් විදේශ ගතකිරීම සිදුකළ තැනැත්තියක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත 1985 අංක 21 උප වගන්තිය අංක 29 අනුව, විදේශ රැකියා නියෝජිතායතන වෙත නිකුත් කරනු ලබන සෑම බලපත්‍රයක්ම නිකුත් කරන ලද දින සිට මාස 12ක කාලයක් බලාත්මක විය යුතුය.