අද මි. මී. 50ට වැඩි තරමක තද වැසි

Share

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහඌව පළාත්වලඇතැම් ස්ථාන වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Read more

Local News