කොළඹ කොටුව සිට අනුරාධපුරය බලා ධාවනය වු යාල්දේවි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ඔරුගොඩවත්ත දුම්රිය පාලම ආසන්නයේ දි පීලිපැනීමකට ලක්ව තිබෙනවා.
දුම්රිය මැදිරි දෙකක් මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේය.
මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවද ප්‍රධාන පාලක මැදිරිය පැවසීය.
මේ හේතුවෙන් කොළඹ පැමිණෙන දුම්රිය කිහිපයක යම් ප්‍රමාදයන් සිදුවිය හැකි බව වාර්තා වේ.