විදුලි වෘත්තීය සමිති සහ බලශක්ති ඇමති අතර සාකච්ඡාවක්

Share

විදුලි වෘත්තීය සමිති සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සාකච්ඡාව පැවැත්වුණේ විදුලිබල අමාත්‍යාංශයේදී. ලංකා විදුලිබල මණ්ඩලය නියෝජනය කරන සියලුම වෘත්තීය සමිතිවල නියෝජිතයින් ඊයේ අමාත්‍ය කංචන විජේසේකර හමුවුණා.

මෙහිදී විදුලිබල මණ්ඩලයේ යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ, සාමූහික ගිවිසුම්, විදුලි ගාස්තු, ක්‍රමවේදය සහ රජයේ බදු ප්‍රතිපත්තිය ඇතුළු ආයතනයේ කටයුතු පිළිබඳව සවිස්තරාත්මකව සාකච්ඡා කර තිබුණා.

මෙම අවස්ථාව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා අමාත්‍යංශයේ ලේකම්වරයා සහ සියලුම විදුලිබල මණ්ඩලයේ සියලුම වෘත්තීය සමිති නියෝජිතයින් සහභාගී වී සිටියා.

Read more

Local News