යල කන්නයට අවශ්‍ය ජලය නිකුත් කිරීම ගැන නිවේදනයක්

Share

යල කන්නයට වී වගා කටයුතු සඳහා මාර්තු 20 සිට අප්‍රේල් මස 20 දක්වා ජලය නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව සූදානම් බව කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

යල කන්නය වගා කටයුතු සඳහා තමන් සූදානම් බව සියලු දිස්ත්‍රික් ගොවි නියෝජිතවරු පවසති. යල කන්නයේ වී හා වෙනත් අතිරේක බෝග වගාව සඳහා වාරිමාර්ග, මහවැලි හා සුළු වාරිමාර්ග යටතේ ජලය නිකුත් කිරීම මාර්තු මස 20 දින සිට අප්‍රේල් මස 20 දින දක්වා හැකි බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව (09) කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

එහිදී දැනට මහවැලි, වාරිමාර්ග හා සුළු වාරිමාර්ග යටතේ පවතින ජලාශවල පවතින ජල ධාරිතාවය සියයට 77ක් වන අතර සියයට 66ක් දක්වා වගා කටයුතු සඳහා ජලය නිකුත් කිරීමට සූදානම්බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

දැනට පවතින ජල පහසුකම් යටතේ වී වගාව සියයට 75ක් හා අතිරේක බෝග වගාව සියයට 25ක් වශයෙන් සැලසුම් කිරීමට තීරණය කර තිබේ. කාලගුණික අනාවැකි අනුව මාර්තු මාසය තුළ ඉහළ වර්ෂාපතනයක් තවදුරටත් ලැබීමට නියමිත අතර අප්‍රේල් හා මැයි මාසවල දී ද වර්ෂාව අපේක්ෂා කළ හැකි බව සනාථ කර ඇති නිසා වගාව සඳහා අවශ්‍ය ජලය ලබා දිය හැකි බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කර ඇත.

Read more

Local News